Hypothetical 2
මෙහි පලමු ලිපියෙන් ඔබ හදුනා ගන්න ඇති ඇත්තටම මේ hypothetical ideas කියන්නේ මොනවද කියලා. ඔබට මම එක උදාහරණයක් සපයන්නම්. අපේ විශ්ව විද්‍යාලයේ එක් විශයක් සදහා අපිට සිදුවුණා අපිට එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී මුහුන දීමට සිදුවන ගැටලුවක් හදුනාගෙන එයට අලුත්ම විසදුමක් ඉදිරිපත් කර නිබන්ධනයක් නිර්මාණය කිරීමට. එහිදී මමත් මගේ කංඩායමත් විවිද ක්ෂේත්‍ර ඔස්සේ සිතා බැලුවා. අපට එහිදී හදුනා ගන්න ලැබුණු එක් ගැටලුවක් ඔස්සේ සිතමින් එයට අලුත්ම පිලියමක් ඉදිරිපත් කිරීමට. ඇත්තටම අපි සොයාගත් විසදුමට අවශ්‍ය තාක්ෂණික දැනුමවත් සම්පූර්ණයෙන්ම තවමත් ලෝකය තුල නෑ. එනිසයි මෙය සම්පූර්ණයෙන්ම hypothetical ideas එකක් කියන්නේ. අපේ අවදානය යොමු වූයේ කාර්‍ය බහුල දිවියක් ගෙවන පුද්ගලයන්ගේ ආහාර රටාව සහ පිසූ / සැකසූ ආහාර රැගෙන යනවිට ඇතිවන ගැටලු පිලිබඳවයි. එයට විසදුමක් ලෙස අපි යෝජනා කලේ සුප් කැටයක් තරම් කුඩා ප්‍රමානයට විජලය කර කරන ලද ආහාරයි. සම්පූර්ණ ක්‍රියාවලිය විස්තර කලොත්, එහිදී සිදු වන්නේ කර්මාන්තශාලාව තුලදී සෞඛ්‍යය ආරක්ෂිතව පිසින ලද ආහාර උසස් තත්වයේ අසුරන තුල අසුරා...