Hypothetical ideas

මොනවද මේ hypothetical ideas කියන්නේ...??? 



උපකල්පනය ඇති අදහස්...


උපකල්පන යනු කිසිදු ඔප්පු කිරීමකින් තොරව යම්කිසි දෙයක් සිදුවන ආකාරය විස්තර කිරීමට යොදාගන්නා චින්තනයකි. ලොව බිහිවන බොහොමයක් නව නිර්මාණ සඳහා මූලික වී ඇත්තේ මිනිසුන්ගේ මනස තුල ඇතිවන නව අදහස්ය. 
මානවයාගේ මුල් අවදියේ සිට එදිනෙදා ජීවිතයේ විවිධ අවශ්‍යතා සපුරා ගත් ආකාරය දිනෙන් දින වෙනස් විය. 
වර්තමානය වන විට මුල් අවදියට වඩා හාත්පසින්ම වෙනස් සංකීර්ණ අවශ්‍යතා රැසක් මිනිසා සපුරා ගනිමින් පවතී. සියලු නිර්මාණ බිහිි් වනුයේ දැනට පවතින නිර්මාණ සහ එවායේ ඇති දුෂ්කරතා හදුනා ගැනීමෙනි.   
යම් කාර්‍යක් කරන විට විවිධාකාර දුෂ්කරතා වලට මුහුන දීමට අපටද සිදුවේ. එවැනි අවස්තා වලදී අපටද එම කාර්‍ය පහසු කර ගැනීම  සදහා නව අදහස් පහල විය හැක. 
එම අවස්තා දෙස ප්‍රායොගිකව සිතා එම සිතුවිලි ක්‍රියාවට නැංවීමට උත්සාහ  කිරීමෙන් නව නිර්මාණ ලෝකයට බිහි වේ. Hypothetical ideas හෙවත් උපකල්පිත අදහස් වල වැදගත්කම එයයි.
මේ ලිපි පෙලේ ඊළග ලිපි වලින් අපි බලමු මිනිසුන් තුල යම් යම් දේවල් කෙරෙහි ඇතිවන විවිධාකාර hypothetical ideas මොනවගේද කියලා.

Comments

Popular posts from this blog

Introduction to Network Topology

Appium Automation Basics - Part 01

Introduction to Computer Number Systems